42.31%
17.27%
32.76%
September 23, 2024

නිමාවට පත්වූ 2024 ජනාධිපතිවරණයේ දී ලියාපදිංචි ඡන්දදායකයන් 3,820,738ක් ඡන්දය ප්‍රකාශ කර නැත.

ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ලියාපදිංචි ඡන්දදායකයන් ගණන 17,140,354කි.

ඒ අතරින් 79.46%ක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

ඡන්දය ප්‍රකාශ කළ පිරිස 13,619,916ක් ලෙස සටහන් වී තිබිණි.

මැතිවරණ කොමිසම නිවේදනය කළේ ඒ අතරින් 97.8%ක් වලංගු ඡන්ද වූ අතර එය 13,319,616ක් බවයි.

කෙසේවෙතත්, ඡන්ද 300,300ක් ප්‍රතික්ෂේප වී ඇති අතර එය මුළු ඡන්ද ප්‍රමාණයෙන් 2.2%ක් ලෙස සටහන් වේ.

 

42.31%
17.27%
32.76%