42.31%
17.27%
32.76%
September 23, 2024

නව ජනපති අනුර දිසානායක විසින් පත්කරනු ලබන කැබිනට්ටුවේ අගමැති ධූරය භාරගනු ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳව දෙස් විදෙස් විශාල අවධානයක් යොමුව ඇත.

වාර්තා සඳහන් කරන ආකාරයට නව අගමැති ධූරය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරියට ලබාදීමට නියමිතය.

ඊට අමතරව අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වීම නිසා හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ලක්ෂ්මන් නිපුණආරච්චි පත්කිරීමට නියමිත බව පැවැසේ.

නව ජනාධිපතිවරයා දිව්රුම්දී නව කැබිනට් මණ්ඩලය පත්කිරීමෙන් අනතුරුව කඩිනමින් පාර්ලිමේන්තුව විසුරුවා මහමැතිවරණයක් කැඳවීමට පියවර ගනු ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%