57.59%
19.34%
18.56%
September 21, 2024

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පක්ෂය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ 2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්යය ඉතාම නිවැරදිව හා නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම හා ඊට අදාළ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි එම පක්ෂය විශ්වාස කරන බවයි.

එමෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ කටයුතු කරනු ඇතැයිද විශ්වාස කරන බව ද එහි දක්වා තිබේ.

මේ තත්වය තුළ රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක්ය යන්න විශ්වාස කරන බවත්, පශ්චාත් මැතිවරණ කාලයේ රට තුළ උපරිම සාමකාමී තත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින අතර රට තුළ සාමකාමීත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහා උපරිම සහාය දක්වන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ජනබලවේගය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

57.59%
19.34%
18.56%