September 21, 2024

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිබඳ ජනමාධ්‍ය ආවරණය සඳහා දැඩි මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

මැතිවරණ ප්‍රතිඵල සජීවීව විකාශය කිරීමට හෝ ප්‍රචාරය කිරීමට අවසර ඇත්තේ ලියාපදිංචි ජනමාධ්‍ය ආයතනවලට පමණක් බව කොමිසම පවසයි.

ඒ අනුව සබැඳි නාලිකා සහ සමාජ මාධ්‍ය(online channels and social media) ඇතුළුව ලියාපදිංචි නොකළ ජනමාධ්‍ය වේදිකා සජීවී ප්‍රතිඵල පළකිරීම තහනම් කර ඇත.

නිල නොවන මැතිවරණ ප්‍රතිඵල නිකුත් නොකරන ලෙස ද ජනමාධ්‍ය ආයතනවලට නියෝග කර ඇත.

මැතිවරණ ක්‍රියාවලියේ නිරවද්‍යතාවය සහ අඛණ්ඩතාව සහතික කිරීම මෙම ක්‍රියාමාර්ගවල අරමුණ බව කොමිසම අවධාරණය කරයි.

මෙම මාර්ගෝපදේශ උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද කොමිසම කියයි.