September 21, 2024

රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ කිසිදු ගිවිසුමකට එළැඹීම වළක්වන නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ජන අරගල සන්ධානයේ ජාතික විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළේය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මැදිහත්වීම මත රජය යෝජනා කරන ආර්ථික විසඳුම් වත්මන් ආර්ථික අර්බුදයට කිසිවිටෙකත් ස්ථිරසාර විසඳුම් නොවන බව තමා සැබවින්ම විශ්වාස කරන බැවින්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන්ඉවත්වීමේ ව්‍යාපාරයට තමා අඛණ්ඩව සහාය සහ නායකත්වය ලබාදෙන බව මුදලිගේ ප්‍රකාශ කළේය.