September 20, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතයට එරෙහිව යමින් හෙට දිනයේ (21) පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන
අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහයෝගය පළ කළ මන්ත්‍රීවරුන් දෙදෙනකුට සහ මන්ත්‍රීවරියකට එරෙහිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඒ අනුව පළමුවෙන්ම එම පක්ෂයේ රෝහිත අබේගුණවර්ධන, එස්. එම්. චන්ද්‍රෙස්න සහ පවිත්‍රා දේවි වන්නිආරච්චි යන අයගේ පක්ෂ සාමාජිකත්වය සහ මෙතෙක් ඔවුන් දරමින් සිටි තනතුරු අහෝසි කරන බව දන්වමින් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුතු ලිපි නිකුත් කර ඇත.

පක්ෂයේ මතයට එරෙහිව කටයුතු කරමින් රනිල් වික්‍රමසිංහ වෙත සහාය පළ කළ සියලුම මන්ත්‍රීවරුන්ට එරෙහිව කටයුතු කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.