September 20, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ පක්ෂ සාමාජිකත්වය සහ ජාතික කැඳවුම්කරු ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අත්හිටුවා තිබේ.

අබේගුණවර්ධන වෙත ලිපියක් යවමින් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් දන්වා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ තීරණයට පටහැනිව යමින් ජනාධිපතිවරණයේදී වෙනත් අපේක්ෂකයකුට ඔහු සහාය පළ කළ බවයි.

අබේගුණවර්ධන මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයෙන් සහ පක්ෂයේ අනෙකුත් සියලුම තනතුරුවල කටයුතු කිරීම අත්හිටුවීමේ තීරණය පක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් අනුමත කර තිබේ.