September 19, 2024

කුරුණෑගල – රස්නායකපුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 30 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නම්මුවාව ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවක වෙඩි වැදී තුවාල සහිතව ලේ ගලමින් බිම වැටී සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් අද(19) උදෑසන රස්නායකපුර පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

මියගොස් ඇත්තේ රස්නායකපුර නම්මුවාව ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

නාඳුනන තුවක්කුකරුවකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලින් පෙනීගොස් තිබේ.

නිකවැරටිය මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රස්නායකපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පසුගිය පැය 24 තුළ මෙරටින් වාර්තා වූ තුන්වැනි වෙඩි තැබීමේ සිද්ධිය මෙයයි.

අද උදෑසන මාතර මිදිගම ප්‍රදේශයෙන් සහ ඊයේ (18) රාත්‍රියේ කොහුවල ප්‍රදේශයෙන් අනෙක් වෙඩි තැබීම් දෙක වාර්තා වී තිබිණි.