September 19, 2024

පොළොන්නරුව – බකමූණ ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 500 කට ආසන්න පිරිසක් අද අලුයම ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

ජනමාධ්‍ය වාර්තාවලට අනුව, බකමූණ පොලිසිය පවසා ඇත්තේ, ඇඟලුම් කම්හලේ සේවකයන් කම්හලේ ලබාදුන් ආහාර අනුභව කිරීමෙන් පසු රෝගාතුර වී ඇති බවයි.

රෝගාතුර වූ ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් බකමූණ සහ අත්තනකඩවල රෝහල්වලට ඇතුළත් කර ඇත.

සේවක පිරිසේ තත්ත්වය අසාධ්‍ය නොවන බවත්, ඔවුන් ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර තිබේ.