September 19, 2024

කොහුවල සරණංකර පාරේ වෙළෙඳසැල් හිමියකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ රාත්‍රියේ වෙළෙඳසල තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

සිද්ධියෙන් මියගිය වෙළෙඳසැල් හිමිකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි.

ප්‍රහාරයෙන් පසු ඔහු වහාම දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතත් ඔහු මියගොස් තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.