September 18, 2024

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අතර ඇති විය හැකි සන්ධානයක් පිළිබඳව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අනාවරණය කර තිබේ.

රාජිත සේනාරත්නට අනුව, සජබ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපතිවරණයේදී තමාට සහාය ලබාදුන හොත් නාමල් රාජපක්ෂට විපක්ෂ නායක ධූරය ලබාදෙන බවට සහතික වී ඇතැයි කියනු ලැබේ.

“රාජපක්‍ෂලා සහ සජිත් අතර ඇතිකරගත් සන්ධානය අවස්ථාවාදී එකක්. මේක නාමල් විපක්ෂ නායක ලෙස පත්කිරීමත් ජනාධිපතිවරණයෙන් සජිත්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමත් අරමුණු කරලා කරන දෙයක්.

“පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සජිත් අතර සාකච්ඡා තිබුණා. ඉදිරි වසර 5 තුළදී ඉදිරි ජනාධිපතිවරණයේ විපක්ෂ අපේක්ෂකයා ලෙස නාමල් පත්කිරීමේ අවසන් අරමුණ ඇතිව, විපක්ෂ නායක වීමට නාමල්ට සහය ලබාදීමට සජිත් ප්‍රතිඥා දී ඇති බව වාර්තා වෙනවා.

රාජපක්ෂවරුන් මේ වනවිට ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය තහවුරු කිරීමට වෙහෙසෙමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය අඩපණ කිරීමට කුමන උත්සාහයක් දැරුවද ජනාධිපතිවරයා තවමත් ප්‍රබල තරඟකරුවකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සේනාරත්න අවධාරණය කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවක් අමතමිනි.