September 17, 2024

හෙට දින එනම් සැප්තැම්බර් මස 18වන බදාදා දින උදෑසන 08 සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහි අසාධාරණ සහ පක්ෂග්‍රාහී විනය පරීක්ෂණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම ගැටලුවට අදාළ සියලු පාර්ශව සමඟ හෙට දිනයේදී (18. 09. 2024) සාකච්ඡාවකට තම සංගමයට ආරාධනා කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම තත්වය සළකා බලමින් වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බව එම සංගමය පවසයි.

හෙට දිනයේදී පැවැත්වෙන සාකච්ඡාවේ තීරණය අනුව ඉදිරි සැලසුම විධායක සභාව විසින් තීරණය කර ජනමාධ්‍ය වෙත දැනුම් දෙනු ඇති බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.