September 17, 2024

දිවයින පුරා රෝහල් ඉලක්ක කර ගනිමින් හෙට (18) වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.

හෙට පෙරවරු 8.00ට වර්ජනය ආරම්භ කිරීමට නියමිත බැවින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට බාධා එල්ල විය හැකි බව ඔහු සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක සහ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව විධිමත් පැමිණිල්ලක් නොමැතිව ආරම්භ කර ඇති විනය ක්‍රියාමාර්ගවලට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරණ බව වෛද්‍ය විජේසිංහ පෙන්වාදෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් යලි සළකා බැලීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට දින 14ක කාලයක් ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

මෙම කාලය තුළ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් මාසය අවසානයේ පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනු ඇත.