September 17, 2024

කඩවත ප්‍රදේශයේ පැවැත්වූ මත් සාදයක් වටළා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 19ත් 37ත් අතර වයස්වල පසුවන අතර ඔවුන් සතුව අයිස් මත්ද්‍රව්‍ය සහ කොකේන් තිබී ඇත.

පොලීසිය සඳහන් කළේ, කාමරවල රැඳී සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු සන්තකයේ තිබී ද මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බවයි.

මොවුන් සහභාගී වී ඇත්තේ ෆේස්බුක් ඔස්සේ සංවිධාන වී බවට සැක මතුව ඇත.

සාදය සඳහා 200 දෙනෙකු පමණ පැමිණ සිටි බවද වාර්තා වේ.

වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.