September 17, 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවල නොසන්සුන්තාවක් ඇති වුවහොත් සිය ගිනි අවි භාවිත කිරීමට පොලීසියට අවසර ලබාදී ඇති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසා තිබේ.

එවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා පොලීසියට සහ ආරක්ෂක අංශවලට ගිනි අවි ලබාදී ඇති බවද ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

මැතිවරණය පැවැත්වෙන දිනයේ සහ ඉන්පසුව ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක සැලැස්මක් දැනටමත් සකස් කර ඇති බව ද වාර්තා වේ.

මේ අතර, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

මැතිවරණ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 54,000ක් පමණ යෙදවීමට ද නියමිතව ඇත.