September 16, 2024

ඔහිය දෙස සිට හෝර්ටන් තැන්නට පිවිසෙන මාර්ගයේ බෑවුම් ස්ථානයක දී වෑන් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.

රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිව පිටුපසට ධාවනය වී මාර්ගයෙන් ඉවතට පෙරළී යෑමෙන් ඊයේ(15) මෙම අනතුරක් සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය තුළ කුඩා ළමුන් 4 දෙනකු සමගින් 8 දෙනකු ගමන් කර තිබූ අතර, ඒ අසලින් ගමන් කළ පුද්ගලයන් එකවී අනතුරට ලක්වූ අය මුදාගැනීමට කටයුතු කර ඇත.

අනතුරින් බරපතළ තත්ත්වයේ සිටි දෙදෙනකු කඩිනමින් රෝහල්ගත කිරීමට ඔවුන් කටයුතු කර තිබිණි.