September 15, 2024

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ප්‍රධාන ජලාශවල පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සැලැස්මකට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති රන්දෙණිගල, මොරගහකන්ද සහ කලාවැව යන ප්‍රධාන ජලාශ තුන මත සිදු කිරීමට නියමිතය.

මහවැලි අධිකාරිය විසින් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයෙන් පසු මෙම ජලාශ අදාළ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛ ස්ථාන ලෙස හඳුනාගෙන ඇත.