September 14, 2024

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඡන්දය භාවිත කිරීම සඳහා නිවාඩු දෙන ලෙස පැෆරල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක් කරයි.

යම් සේවා යෝජකයකු මේ නීතිය නොසළකා හැර කටයුතු කර අධිකරණයේ ඉදිරියේ වරදකරුවකු වුවහොත් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක සිරදඬුවමක් නියම වන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වාදෙයි.

එවැනි සිද්ධීන් වාර්තා වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කරයි.

එවැනි සිද්ධි ඇතිවුවහොත් වහාම දැනුම්දෙන ලෙස පැෆරල් සංවිධානය සේවකයන්ගෙන් ද ඉල්ලීමක් කරයි.