September 13, 2024

බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ සිරමැදිරිය තුළ තිබී ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (12) සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී එය හමුවී ඇත.

වෙලේ සුදා දැනට රඳවා සිටින A කොටසේ අංක 38 සිරමැදිරියෙන් මෙම දුරකථනය හමුවී තිබේ.

කෙසේවෙතත් එම ජංගම දුරකථනයේ සිම් පතක් නොතිබූ බව පැවසේ.

එම ස්මාර්ට් ජංගම දුරකතනය වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර බලධාරීන් වෙත භාරදී තිබේ.