September 13, 2024

තමා අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී සූර්ය බලශක්තිය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුව කටයුතු කිරීම වැළැක්වූ බවට අසත්‍ය ප්‍රකාශයක් කර ඇති ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න සහ එම ජනමාධ්‍ය සාකච්ඡාව මෙහෙය වූ ජනමාධ්‍යවේදියාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ජනාධිපති අපේක්ෂක හිටපු අධිකරණ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ (12දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකළේය.

නීතිඥ ජයමුදිතා ජයසූරියගේ උපදෙස් මත ගොනුකර තිබූ තම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කොට අධිකරණය හමුවට කැඳවා චෝදනා ගොනුකිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් හෙතෙම ඉල්ලා තිබිණි.

නීතිඥ දසුන් නාගස්දෙන සහ නීතිඥ ශාන් රණසූර්ය පෙත්සම අධිකරණයට ගොනුකළහ.