September 10, 2024

මීගමුව පොලිස් වසමේ මංකුලිය ප්‍රදේශයේ පුද්ගලයකුව තියුණු ආයුධයකින් පහරදී ඊයේ සවස ඝාතනය කර තිබේ.

මීගමුව පොලිසියට ලද පණිවිඩයක් මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණු බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

මියගොස් ඇත්තේ මංකුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයෙකි.

මරණකරු තම දියණිය සමග ඇතිවූ ආරවුලකදී දියණියගේ ස්වාමිපුරුෂයාද ඊට සම්බන්ධ වී එය දුරදිග යෑම හේතුවෙන් දියණියගේ ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.