September 10, 2024

Netflix වැනි අන්තර්ජාතික සේවාවලට ඇතුළත් කළ හැකි විනෝදාස්වාද වැඩසටහන් නිෂ්පාදනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටියි.

බත්තරමුල්ල දියත උයනේදී පසුගිය ඉරිදා පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා ආර්ථික වශයෙන් ස්ථාවර ශ්‍රී ලංකාවක් සඳහා වූ පොරොන්දු යළිත් අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට Netflix අන්තර්ජාතික සේවාව අවශ්‍ය බව එහිදී පැවසූ තරුණයකුට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ප්‍රශ්න කළේ ශ්‍රී ලංකාවේ වැඩසටහනක් එහි ඇතුළත් කළ නොහැක්කේ මන්ද යන්නයි.

“මම Netflix ගේන්නම්. ඇයි ලංකාවේ කාටහරි Netflix එකේ ස්ක්විඩ් ගේම් හෝ හවුස් ඔෆ් කාඩ් වගේ දෙයක් හදන්න බැරි? නැත්නම් තව එකක් තියෙනවා – ඩෙසිග්නේටඩ් ස’ර්වයිවර්, අන්තිමට ඉතුරු වුනේ කවුද? ” යනුවෙන් වික්‍රමසිංහ ඇසුවේය.

“මම හිතන්නේ විපක්ෂයටත් එකක් පුළුවන් – චැරියට් ඔෆ් ෆයර්.” යැයි ඔහු සිනහමුසුව සඳහන් කළේය.

පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව අගමැතිකම අත්හැරීමෙන් පසු තමා Netflix නරඹමින් කාලය ගත කළ බව රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ සඳහන් කර තිබිණි.