September 7, 2024

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින එක් අපේක්ෂකයකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අදාළ විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

කරුණු දැක්වීම තිළිණ ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ මැදිරියේදී සිදකෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දන්වා ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස් නිලධාරියකු ලබාදුන් තොරතුරු මත අදාළ විමර්ශනය ආරම්භ කළ බවයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන ලෙසත් සැකකරුවන් ඇත්නම් අත්අඩංගුවට ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කර ඇති බව වාර්තා වේ.

තවද සිද්ධියට අදාළ නඩු ගොනුව අධිකරණයේ සේප්පු පෙට්ටියේ තබන ලෙසද නියෝග කර ඇතැයි වාර්තා වේ.