September 6, 2024

1987 වසරේ සිට අනවසරයෙන් පදිංචිව සිටින ලිඳුල හෙන්ෆෝල්ඩ් වතුයායේ නිවසක් වතු බලධාරීන්ට ලබා දෙන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද් කුමාර්ට නියෝග කර තිබේ.

ප්ලාන්ටේෂන් පීඑල්සී සමාගමට මුලින් අයත්ව තිබූ මෙම නිවස අරවින්ද් කුමාර් 1987 වතුයායේ ලිපිකරුවකු ලෙස සේවය කරන විට ඔහුගේ නිල නිවස ලෙස ඔහුට පවරා ඇත.

කෙසේවෙතත්, කුමාර් වත්තේ සිටි තනතුරින් ඉවත්ව ගිය පසුවත් නීති විරෝධී ලෙස නිවසේ රැඳී සිටින බවට වතුකරයේ බලධාරීන් අධිකරණයේ නඩුවක් ගොනු කළේය.

ඔවුන් කියා සිටින්නේ කුමාර් ඔහුගේ දේශපාලන බලපෑම් යොදා ගනිමින් බලහත්කාරයෙන් නිවසේ පදිංචිව සිට ඇති බවයි.

ඒ අනුව අදාළ නඩුවේ තීන්දුව දෙමින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(05) මෙම නියෝගය ලබාදී ඇත.