September 6, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර ඊයේ ගිවිසුමක් අත්සන් කෙරිණි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජයග්‍රහණය උදෙසා ඊයේ මෙම අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි.

අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම වෙනුවෙන් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ අත්සන් තැබූහ.

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු හතළිහකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූ බව පැවැසේ.