September 6, 2024

බිබිල, නාගල ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 47ක් තුවාල ලබා ඇත.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, ඇඟලුම් කම්හලක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ එය පිටුපසින් පැමිණ ගැටුණු තවත් බස් රථයකි.

තුවාල ලබා ඇත්තේ ඇඟලුම් කම්හල් සේවකයන් 47 දෙනෙකි.

තුවාල ලැබූ සියලුදෙනා බිබිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.