September 5, 2024

ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ඇමැතිවරු සිව්දෙනෙක් එම ධූරවලින් ඉවත්කර ඇත.

ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන්සේවා සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය ඇමතිවරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් සිය ධුරවලින් ඉවත්කර තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අධිකාරිය යටතේ මෙම තීරණය ගෙන ඇත.

මෙම ඇමැතිවරු පිරිස මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට සහයෝගය ලබාදෙමින් සිටිති.