September 5, 2024

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දුයවන ක්‍රීඩක වනිඳු හසරංගට 2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිව ඇත.

ඒ, එම කණ්ඩායමින් ලද හදිසි කැඳවීමක් අනුව ය.

2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සෙන්ට් කිට්ස් සහ නෙවිස් පෙට්‍රියට්ස් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දුයවන ක්‍රීඩක වනිඳු හසරංගට 2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිව ඇත්තේ ඒ අනුවය.

එම කණ්ඩායමේ ආබාධයකට ලක්ව සිටින සිකන්දර් රාසාගේ අඩුව පිරවීම සඳහා මෙලෙස වනිඳු එක්ව ඇත.