September 4, 2024

කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ වැල්ලදුර සහ ඇල්ලගේවත්ත ප්‍රදේශයේ නිවාස කිපයකට පසුගිය දිනවලදි නිරුවතින් ඇතුළු වන සොරෙකු නිසා ගම්වාසීන් භීතියට පත් වී සිටින බව වාර්තා වෙයි.

මෙලෙස නිරුවතින් පැමිණ නිවාස කිහිපයක් බිඳ භාණ්ඩ ද සොරකම් කර මෙම පුද්ගලයා පළාගොස් තිබෙයි.

මෙලෙස පැමිණි එක් නිවෙසක ආරක්ෂක කැමරාවේ සොරා පිළිබඳ දර්ශන පටිගත වී තිබේ.

අළුයම කාලයේ නිවෙසක මුළුතැන් ගෙට ඇතුළු වු මෙම පුද්ගලයා එහි සිටි තරුණ කාන්තාවක් බියවද්දා ඇතැයි ද, ඒ අවස්ථාවේ නිවෙස් හිමියාද පැමිණි විට නිරුවතින් සිටි සොරා පළාගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ .

සතියක කාලයක සිට සිදුවෙන මෙම සිදුවිම් ගැන කහවත්ත පොලිසිය විසින් මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබේ.