September 4, 2024

අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය තීරණය ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමටත් දූෂණයෙන් වංචාවෙන් ජාතිය විනාශ කිරීමට අදහස් කරන කණ්ඩායමට එරෙහිව නැගීසිටීමට මෙම තීරණය ගෙන ඇති බව ඔහු පැවසීය.

අරුන්දික ප්‍රනාන්දු පුත්තලම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසියේය.