September 3, 2024

රේගු පිටවීමේ දොරටුව අසල පෝලිමක සිටි කන්ටේනර් රථයක රියදුරකු ඔහුගේ රථය තුළ මියගොස් සිටියදී සොයා ගෙන තිබේ.

මෙම රියදුරා පෙරදින සිට අදාළ පරිශ්‍රයේ රැඳී සිට ඇති අතර ඔහු මියගොස් ඇති බව දැනගන්නට ලැබී ඇත්තේ ඊයේ පස්වරුවේයි.

ඒ අනුව පොලිසිය ඔහුගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, මියගොස් සිටි පුද්ගලයා වයස අවුරුදු 60ත් 65ත් අතර පසුවන්නකු බවයි.

එම රියදුරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය යන්නට ඇතැයි සැක පළවී තිබේ.