September 2, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද කොළඹදී පැවති උත්සවයකදී සිදු විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර ඇත්තේ ‘නාමල් දැක්ම’ යනුවෙනි.

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ, හිටපු ඇමැතිවරුන් වන චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්විණි.