September 1, 2024

කොළඹ ආරක්ෂක සමුළුවේ සාමාජික රටවල් සමඟ අවබෝධතා ගිවිසුමක් සහ කොළඹ කොළඹ ආරක්ෂක සමුළු ලේකම් කාර්යාලය පිහිටුවීමේ ප්‍රඥප්තිය අත්සන් කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මෙරටට පැමිණ අවස්ථාවේ දෙමළ දේශපාලන පක්ෂ නායකයන් ද හමුවී තිබේ.

උතුර, නැඟෙනහිර සහ උඩරට ඇතුළු දේශපාලන නායකයන්ට අමතරව විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් ද ඔහු හමුවී තිබිණි.

විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන උතුරේ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ බ්‍රහස්පතින්දා ඉන්දියා හවුස් හි පැවති රැස්වීමේදී ඔහු ‘දෙමළ පොදු අපේක්ෂකයා’ ඇතුළු මෑත කාලීන සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇත.

ඉලංකෙයි තමිල් අරසු කච්චි හි එම්.ඒ. සුමන්තිරන් සහ එස් ශ්‍රීදරන්, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ (ටෙලෝ) සෙල්වම් අඩෙයිකලනාදන්, දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානයේ (ප්ලොට්) ඩී සිද්ධාර්ථන් සහ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ එස්. කජේන්ද්‍රන් යන අය එම රැස්වීමට සහභාගි වී ඇත.

කෙසේවෙතත් විදේශගත වීම සඳහා ශ්‍රීදරන් එම රැස්වීමෙන් වේලාසනින් පිටත්ව ගොස් ඇත.

මන්ත්‍රීවරුන් පවතින තත්ත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කරන අතරතුර කජේන්ද්‍රන් තම පක්ෂය ඡන්දය වර්ජනය කිරීම සඳහා ප්‍රචාරක කටයුතු කරන්නේ මන්දැයි විස්තරාත්මකව පැහැදිලි කර ඇත.

එහෙත් ෆෙඩරල් ව්‍යුහයක් තුළ පළාත්වලට බලය බෙදා හැරීමට කැමති ඕනෑම අපේක්ෂකයකුට සහය දැක්වීමට තම පක්ෂය සළකා බලන බව ද ඔහු පෙන්වා දී ඇත.

ඔවුන් සියල්ලන්ටම ඇහුම්කන් දී ඉන්දීය නියෝජිත දොවාල් ප්‍රකාශ කර ඇත්තේ දෙමළ ජනතාවගේ ඡන්ද අපතේ නොයවා ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු සමඟ සාකච්ඡා කර සාකච්ඡා මාර්ගයෙන් දෙමළ ජනතාවගේ අභිලාෂයන් තහවුරු කර ගැනීමට උත්සාහ කළ යුතු බවයි.