August 30, 2024

විදේශගත ශ්‍රමිකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශයක් සිද්කර ඇති අතර, එම ප්‍රකාශයට එරෙහිව ජාතික ජන බලවේගය අද (30) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇත.

යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ විකාශය කෙරුණු රාජිත සේනාරත්නගේ අදාළ ප්‍රකාශය මගින් විදේශගත ශ්‍රමිකයන්ට තර්ජනයක් සිදුකරන බව, අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිසම වෙත පැමිණි ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.