August 30, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ රට හමුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත අද (30) දහවල්
සුබ මොහොතින් එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය සැප්තැම්බර් 02 දා ජනගත කිරීමට තීරණය කර ඇත.

රණවිරුවගේ හදගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබේ නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බිහිකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.