August 30, 2024

තමන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බවත් තමා ඉවත් කළ බවට කිසිදු දැනුම්දීමක් ලැබී නොමැති බවත් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහේ මේ බව සඳහන් කළේය.

කුමන හෝ අවස්ථාවක තමා තනතුරින් ඉවත් කළ ද තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයකු බව ඔහු සඳහන් කර සිටී.