August 30, 2024

සුදුසුකම් ලත් මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීම හේතුවෙන් අම්පාර රෝහලේ මුත්‍රා රෝග ප්‍රතිකාර අංශය වැසී යෑමේ තර්ජනයකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.

පසුගිය අගෝස්තු 5 වැනිදා සිට එම ඒකකය විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිව ක්‍රියාත්මක වීම නිසා රෝගීහු රැසක් අසරණ වී සිටිති.

මෙම අර්බුදයට ප්‍රතිචාර වශයෙන් පුරප්පාඩු වූ තනතුර කඩිනමින් පුරවන ලෙස අම්පාර රෝහලේ අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය බලධාරීන්ගෙන් නිල වශයෙන් ඉල්ලා තිබේ.

බොහෝ දෙනෙක් තීරණාත්මක සේවාවන් සඳහා ඒකකය මත යැපෙමින් සිටින අතර, මුත්‍රා විශේෂඥ වෛද්‍යවරයකුගේ හිඟය රෝගී සත්කාරයට දැඩි ලෙස බලපා ඇත.

කුලියාපිටිය රෝහලේ පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බව වාර්තා වේ.

දැනට මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍යවරයකු සිටින නමුත් එම රෝහලේ එවැනි හදිසි අවශ්‍යතාවක් මතුව නොමැති බව සඳහන් වේ.

එබැවින් මෙම විශේෂඥ වෛද්‍යවරයා අම්පාර රෝහලට මාරුකර යැවීමට හෝ පුරප්පාඩු වූ වෙනත් විශේෂඥ වෛද්‍යවරයකුගෙන් පුරවා ගැනීමට සළකා බලන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.