August 29, 2024

මේ වසරේ ජූලි මාසයේදී අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර නිව්ස්වයර් වෙත පවසා ඇත්තේ, වෙඩි තැබීමට සම්බන්ධ එක් තුවක්කුකරුවකුට සහ මෝටර් රථයේ රියදුරුට ආධාර සහ නවාතැන් ලබාදීම සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි.

අමල් සිල්වා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි තැබීමට සම්බන්ධ දෙවැනි තුවක්කුකරු සහ මෝටර් රථයේ රියදුරු ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

පානදුර පින්වත්ත ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය ජුලි මාසයේ අතුරුගිරියේ පච්ච වෙළදසැලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් සිටි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු තවත් පුද්ගලයකු නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.