August 29, 2024

ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වන කරුණු අඩංගු දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලදැයි චෝදනාව මත නීතිඥභාවය අත්හිටුවා සිටින නීතිඥ ධර්මසිරි කරුණාරත්න, “බුදු අම්මෝ” යැයි කෑගසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිහිසුන්ව ඇදවැටුණේය.

කරුණාරත්න මෙසේ සිහිසුන්ව ඇද වැටුණේ, ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ග්‍රේෂ්ඨාධිකරණය සලකා බැලු අවස්ථාවේදීය.

කරුණාරත්න සිහිසුන්ව ඇද වැටීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණ ආරක්ෂක අංශය සහ බන්ධනාගාර නිලධාරීන් පැමිණ, රෝද පුටුවක තබා ඉවතට රැගෙන යනු ලැබීය.

රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින ඔහු , බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියේය.

ඒ අනුව, මෙම පැමිණිල්ල ඔක්තෝබර් 30 වැනිදා විභාගයට ගැනීමට දින නියම කෙරිණි.

එතෙක්, කරුණාරත්න රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස ද අධිකරණයෙන් නියෝග කෙරිනි.

එම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලිණි.