August 28, 2024

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් කැබිනට් නොවන ඇමැති අලි සහීර් මවුලානා නෙරපා හැරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ දිසා අධිකරණය ද මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා පක්ෂයෙන් නෙරපා හැරීම වළක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයාට, ලේකම්වරයාට සහ උත්තරීතර මණ්ඩලයට එරෙහිව මෙම නියෝගය නිකුත් කර තිබේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් සාමාජික අලි සහීර් මවුලානා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ සාමාජික සහ හිටපු පරිසර ඇමැති නසීර් අහමඩ් මන්ත්‍රී ධුරයට නුසුදුස්සකු වීමෙන් පසුවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කොන්දේසි සහිතව සහාය දැක්වීමට සැලසුම් කර තිබියදීත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරන බවට ප්‍රතිඥා ලබාදුන්නේය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ කැබිනට් නොවන ඇමැතිවරයකු ලෙස පසුගිය සතියේ දිවුරුම් දුන්නේය.