August 28, 2024

වත්මන් පාලනය යටතේ අකාර්යක්ෂමතාව හේතුවෙන් මාස ගණනාවක් නතර වී තිබූ යාල්දේවි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යළි ආරම්භ කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අද ප්‍රතිඥා ලබා දුන්නේය.

ඔහු ජනමාධ්‍ය වෙත කියාසිටියේ 30 වසරක යුද්ධය නිමා කර උතුරු පළාතට යාල්දේවි දුම්රිය මාර්ග සාර්ථකව ස්ථාපිත කිරීමට රාජපක්ෂ පාලනය කටයුතු කළ බවයි.

“30 වසරක යුද්ධය අවසන් කිරීමෙන් පසු අපේ ආණ්ඩුව උතුරු පළාතට යාල්දේවි දුම්රිය මාර්ගය සාර්ථකව ඉදිකළා. නමුත් වත්මන් පාලනය යටතේ අකාර්යක්ෂමතාවය නිසා මාස ගණනක සිට මෙම සේවය නවතා දමා තිබෙනවා,” ඔහු පවසයි.

උතුරු පළාතේ දුම්රිය සේවා යථා තත්ත්වයට පත්කිරීමට කඩිනම් පියවර ගැනීමට තම රජය කැපවී සිටින බව නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මාතර සිට කතරගම දක්වා කිලෝමීටර් 114ක දුම්රිය මාර්ගයද ප්‍රමාදයකින් තොරව නිමකිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.