August 28, 2024

අධිකරණ සංකීර්ණයේ වැසිකිළි වහලයේ කොටසක් කඩා ඉන් පැනගිය රැඳවියෙකු පිලිබඳ පුවතක් කලවංචිකුඩියෙන් වාර්තා වෙයි.

නඩු කටයුත්තක් වෙනුවන් කලවංචිකුඩි අධිකරණයට අධිකරණයට රැගෙන ආ මෙම පුද්ගලයා කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි බාලසුන්දරම් ගෝපිනාත් නමැත්තෙකි.

සිව් වසරක සිරදඬුවමක් මත මෙම රැඳවියා මඩකලපුව බන්ධනාගාරයේ රඳවා තබා ඇති අතර, පොලිසිය පවසන්නේ, නියමවූ සිරදඬුවමෙන් වසරක් සම්පූර්ණ වූ පසු වෙනත් නඩුවක් සඳහා ඊයේ (27) කලුවංචිකුඩි අධිකරණයට මෙම රැඳවියාව ඉදිරිපත් කර තිබූ බවය.

මෙම පුද්ගලයා පළාගොස් ඇත්තේ, එලෙස නඩුවට පැමිණ අධිකරණ සංකීර්ණයේ රඳවා තිබූ අවස්ථාවේදීය.