August 28, 2024

කොළඔ දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභික සහ කෝට්ටේ ප්‍රධාන සංවිධායක ජනක රණවකව පත්කර ඇත.

එම පත්වීම් ලිපිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා විසින් ලබාදී ඇති අතර ඇමැති දුමින්ද දිසානායකද එම අවස්ථාවට එක්විය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනක රණවක අතර හමුවක් ද සිදුව තිබේ.