Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික හවුල්කාර පාර්ශ්වවලට ආර්ථික ප්‍රතිසංස්කරණ හා මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි පෙන්වීමට ශ්‍රී ලංකා රජය උත්සාහ දරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා විසින් නිකුත් කර ඇති ආසන්නතම වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ මූලික නිදහසට තවදුරටත් තර්ජන ඇතැයි, පෙන්වාදී තිබෙන බවද නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වාදෙයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ වාර්තාව උපුටා දක්වමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වාදෙන්නේ, 2022 වසරේදී ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව දෙගුණවී ඇති බවයි.
මේ වනවිට ජන ගහණයෙන් තුනෙන් එකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව, එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛනවලින් පෙන්වාදී ඇති බවද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වාදෙයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විමර්ශනයටත් සාක්ෂි රැස්කිරීමටත් විවිධ ක්‍රම හරහා ඇතිවන බාධාකිරීම් විමර්ශනයට අන්තර්ජාතික ප්‍රජාවගේ මැදිහත්වීම සඳහා දැනට ඇති යෝජනාව යාවත්කාලීන කළ යුතු බව මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා සිය වාර්තාවෙන් කවුන්සිලයේ සාමාජික රටවලින් ඉල්ලීමක් තර තිබිණි.
හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළග සැසියේදී පවතින යෝජනාව යාවත්කාලීන කිරීමට අමතරව තවත් කරුණු ඇතුළත්කර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ආ යුුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart