August 27, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස සමගි විය යුතු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ කළ ප්‍රකාශය නිවැරදි බවත් රට වෙනුවෙන් ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය මෙය බවත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අද ප්‍රකාශ කළේය.

“වික්‍රමසිංහ සහ එජාපය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසට ප්‍රේමදාසට ඒත්තු ගැන්වීමට මාත් උත්සාහ කළා.නමුත් ඔහු එම පියවරට විරුද්ධ වුණා. හොඳම අදහස ඉදිරිපත් කළේ තලතා බව මම පැවසිය යුතුයි,” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සේනාරත්න මාධ්‍ය හමුවකදී පැවසීය.

ප්‍රේමදාසට ජයග්‍රහණය කළ හැකි බව තවමත් විශ්වාස කරන සහ පක්‍ෂයේ වර්ධනයන් පිළිබඳ කලකිරුණු එහෙත් පැති මාරු කරන්න මැලිකමක් දක්වන සමගි ජන බලවේගයේ සාමාජිකයන් සිටින බවද මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

“කොහොම වුණත් සමහර සමගි ජන බලවේගයේ පාක්ෂිකයෝ පැති මාරු වෙන්න බලාගෙන ඉන්නවා. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ඉදිරියට යනකොට ඒ අය එහෙම කරයි,” යැයි ද ඔහු පැවසීය.