August 27, 2024

නැවත නැවතත් නියෝග ලබාදී තිබියදීත්, පොලිස් කෲරත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය කළකිරීම ප්‍රකාශ කර ඇත.

එස්.තුරෙයිරාජා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් සඳහන් කළේ, රැඳවියන්ට අයුතු ලෙස සැළකීම වැළැක්වීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව සහ පොලිස්පතිවරයා අධිකරණ නියෝග මත ක්‍රියා කර නොමැති බවයි.

2009 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ පැවති විරෝධතාවක් අතරතුරදී පොලිසිය අපයෝජනය කළ බවට ක්‍රියාකාරීන් දෙදෙනෙකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම විවේචනය මතුවිය.