49.8%
16.4%
25.8%
August 26, 2024

විනිසුරුවරුන් විවේචනය කරමින් ආණ්ඩුව විසින් පසුගිය දා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කනස්සල්ල පළකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් පවසන්නේ, අධිකරණයේ නිරපේක්ෂ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල්ගල වන අතර එය රජය විසින් සහතික කළ යුතු දෙයක් බවයි.

එබැවින් අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම, එය කිසිදු ආකාරයක ඇඟිලි ගැසීම් හෝ අනිසි බලපෑම්වලින් තොරව පවතින බව සහතික කිරීම සියලු රාජ්‍ය සහ අනෙකුත් ආයතනවල යුතුකම බව ද අගරදගුරු හිමිපාණෝ වැඩිදුරටත් පවසති.

ජනතාවගේ ආරක්ෂාවේ අවසන් බලකොටුවට පහර නොදෙන ලෙස කතෝලික පල්ලිය අදාළ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කරති.

අවාසි සහගත තීන්දු නිකුත් කළ විනිසුරුවරුන් විවේචනය කරමින් ආණ්ඩුව විසින් මෑතක දී කරන ලද ප්‍රකාශවලට ප්‍රතිචාර වශයෙන් අගරදගුරු හිමිපාණන් මෙම අදහස් පළකර තිබේ.

49.8%
16.4%
25.8%