August 26, 2024

වයෝවෘද්ධ ශ්‍රී ලාංකික කාන්තාවක් වයස අවුරුදු 97 දී පශ්චාත් උපාධියක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

ලීලාවතී ධර්මරත්න පසුගිය අගෝස්තු 21 වැනි දින පැවැති කැලණිය විශ්වවිද්‍යාලයේ 143 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තාය.

තරුණ පරම්පරාවට ආදර්ශයක් දෙමින් උපාධිය ලබාගැනීමෙන් පසු ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ලීලාවතී ධර්මරත්න කියාසිටියේ වයස අධ්‍යාපනයට බාධාවක් නොවන බවයි.

ලීලාවතී ධර්මරත්න මීට පෙර ගුරුවරියක් සහ නොතාරිස්වරියක ලෙස සේවය කර ඇත.