August 24, 2024

මෙරට ප්‍රථම අගමැති ඩී.එස්.සේනානායකගේ මුණුපුරකු වන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරයකු වූ රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට රුක්මන් සේනානායක 76 වැනි වියේ පසුවිය.

ඔහුගේ මාමා වන හිටපු අගමැති ඩඩ්ලි සේනානායකගේ හදිසි අභාවයෙන් පසු ඔහු සිය දේශපාලන ගමන ආරම්භ කළ අතර කුඩා කල සිටම ඔහුට දේශපාලනය කෙරෙහි දැඩි ඇල්මක් තිබු බව පැවසේ.

ඔහු 1973 දී දැදිගම ආසනයෙන් තරඟ කර ජයග්‍රහණය කළ නමුත් වසර හතරකට පසු ඉල්ලා අස්වී තිබිණි.

පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 1994 දී පාර්ලිමේන්තුවට පිවිසෙන තුරු දශකයකට ආසන්න කාලයක් දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටියේය.

ඔහු පරිසර හා ස්වභාවික සම්පත් කැබිනට් ඇමැතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

ඉන්පසුව 2007 දී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙසත් 2008 දී උපනායක ලෙසත් පත් විය.