42.31%
17.27%
32.76%
August 23, 2024

යාවත්කාලීන නොකළ සියලුම රියදුරු බලපත්‍ර අවලංගු කරන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශයට අනුව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ එම කටකතා අසත්‍ය බව තහවුරු කර තිබේ.

බලපත්‍ර මිලියන 2ක් සඳහා තොරතුරු යාවත්කාලීන කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිත බවත් වසර අවසාන වනවිට සම්පූර්ණ ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසා ඇත.

“ලංකාවේ පළමු රියදුරු බලපත්‍රය නිකුත් කළේ 1960 ගණන්වල. එතැන් සිට ආසන්න වශයෙන් බලපත්ර මිලියනබලපත්‍ර12.3 ක් නිකුත් කර තිබෙනවා. 1960 ගණන්වල බලපත්‍රවල කල් ඉකුත්වන දිනයක් නොමැති අතර, ඒවා අලුත් කිරීමකින් තොරව දින නියමයක් නොමැතිව භාවිතා කිරීමට ඉඩ සලසයි.සැලසෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන 02ක පමණ බලපත්‍රලාභීන්ගේ තොරතුරු යල් පැන ගොස් තිබෙනවා”

ප්‍රවාහන අංශයේ සියලුම සේවාවන් ඩිජිටල්කරණය කිරීම මේ වන විට සිදුවෙමින් පවතිනවා. කළු සලකුණු සහ ස්ථානීය දඩ මුදල් ඩිජිටල්කරණය සඳහා ප්‍රසම්පාදනය අවසන් වෙමින් පවතිනවා. 2025 ජනවාරි 1 වෙනිදා සිට, මෙම නව ක්‍රමය හරහා දඩ මුදල් සහ ස්ථානීය දඬුවම් කළමනාකරණය කරනු ලබනවා, ඒ සඳහා සියලුම රියදුරු බලපත්‍ර සඳහා යාවත්කාලීන තොරතුරු අවශ්‍ය වෙනවා”

මෙතෙක් තොරතුරු යාවත්කාලීන නොකළ මිලියන 02කට ආසන්න රියදුරු බලපත්‍රලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ නව ක්‍රමයක් අපි ළඟදීම ක්‍රියාත්මක කරනවා. මෙම ක්‍රියාවලියට නව වෛද්‍ය වාර්තා හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණීම අවශ්‍ය වෙන්නේ නෑ. මෙම වසර අවසන් වන විට සියලුම බලපත්‍රලාභීන් සඳහා මෙම යාවත්කාලීන කිරීම සම්පූර්ණ කිරීමට අපි අපේක්ෂා කරනවා. නව රියදුරු බලපත්‍ර නිකුත් නොකරන අතර පවතින බලපත්‍ර අවලංගු නොකරන බව සැලකිල්ලට ගැනීම වැදගත්. මේ සම්බන්ධයෙන් පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයි” යනුවෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ වැඩිදුරටත් පවසා තිබේ.

42.31%
17.27%
32.76%